සුදානම් කර ඇති මංගල උත්සවය පැවැත්විය හැකිද?
දැනටමත් සංවිධාන කර ඇති මංගල උත්සවයක් වැනි අත්‍යවශ්‍ය උත්සවයක් පැවැත්වීමට අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් අවසර ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර අනෙකුත් මහජන ඒකරාශිවීම් සම්පූර්ණයෙන් තහනම් වන බවයි.