රාජ්‍ය ඇමති තොණ්ඩමන්ගේ නිවස ගිනි ගනී!
වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ පිහිටි නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, අද අලුයම 3.00 ට පමණ ගින්න හටගෙන ඇති බවයි.
ගින්න මැඩ පැවැත්වීමට පැය 3 හමාරකට අධික කාලයක් ගත වූ බවද පොලීසිය සඳහන් කළේය.
ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.