වයස අවුරුද්දට අඩු ළමුන් භාර ගැනීම සඳහා වෙනම ඒකකයක්
වයස අවුරුද්දට අඩු ළමුන් භාර ගැනීම සඳහා වෙනම ඒකක ස්ථාපිත කිරිමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබෙනවා.
එහි සභාපති මහාචාර්ය මුදිත් පුස්වැල්ල මහතා සඳහන් කළේ එම ඒකක දිවයිනේ සියළු පළාත් ආවරණය වන පරිදි ප්‍රධාන රෝහල් 9ක ළමා රෝග අංශයට අනුබද්ධව පිහිටුවීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.